2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට 80%කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති අතර ලබන 05වනදා වන විටදී සියලුම දිස්ත්‍රක්කවලට වගා හානි ගෙවීමටත් ඉතිරි ගොවීන් සියලු දෙනාටම අදාළ දිනය වන විට වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇති බව සඳහන්.

වන්දි මුදල් ඉතාම ප්‍රවේසම් සහිතව හා විනිවිද ගෙවීමට කටයුතු සලසා ඇති අතර එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර 2024/2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට ද කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form