2025 පළමු පාර්ලිමේන්තුව රැස්වෙයි

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද(07) පැවැත්වේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලබන 10 වැනි දා දක්වා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙනු ඇති.

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන අතර ඉන්අනතුරුව 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතයි.

හෙට(08) උදෑසන පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි ඇතුළු කරුණු රැසක් විවාදයට ගැනීමට නියමිතයි.

ලබන 09 වැනි දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව ඇත.

ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

මේ අතර පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ ය.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form