2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය.

එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය සඳහන් කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය පවසයි.

එමෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ද ප්‍රතිලාභදායක වනු ඇති බව Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form