පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය.. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා”. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form