උතුරේ මහවිරු සැමරුම්.. කොටි සමරුවොත් අල්ලන්න පොලිසිය ලෑස්තියි…

උතුරු පලාතේ ඉදිරි දින දෙක තුලදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ සීරුවෙනු තැබීමට පියවර ගෙන ඇත.

මේ අනුව නොවැම්බර් 27 වනදාට යෙදෙන යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සැමරෙන මහවිරු දින සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.

එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාණ භූමි මේ දින විවිධ දේශපලඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්‍ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්‍රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරු නැගෙනහිර සියලුම ජනතාවට එක්වන්නැයි මහවිරු පවුල් එකමුතුව විසින් ඉල්ලීමක් කර ඇති අතරම සෑම නිවසකම පහනක් හෝ දල්වා මිය ගිය මහවිරුවන් සමරන ලෙසටද ඉල්ලීමක් කොට ඇත.

මේ අතර උතුරේ මහවිරු සුසාණ භූමි පැවති ස්ථාන කිහිපයක මෙවරද මයවිරු දිනය සැමරීම සඳහා සූධානම් කරද පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් මහවිරු දින සැමරුම් උත්සවයන් සඳහා දැඩි බාධාවක් එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form