පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දැනුවත් කිරීමකින් තොරව එම තනතුරට වැඩ බලන ලේකම් වරියක් පත් කිරීමේ හේතුවෙන් බවත් වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්වීම සඳහා එම පරිපාලන නිලධාරින් පස් දෙනකු තරඟයක යෙදී ඇති බවද සදහන්ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයන් වන නිසා සෞඛ්‍ය ලේකම් ධුරයට වෛද්‍යවරයකු නොවන පරිපාලන නිලධාරික පත් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයිද පැවසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරිය වශයෙන් ම පත් කර ඇති අතර ඇය පසුගිය සෙනසුරදා පස්වරුවේ එම ධුරයේ වැඩ භාරගෙන ඇත.

ඉකුුත් 19 වැනිදා පත් කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන් අතර සෞඛ්‍ය අමාත්‍යංශය සදහා ලේකම්වරයෙක් අලුතින් පත් නොකල අතර මහීපාල මහතා එම ධුරයේ කටයුතු කරමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form