ග‍්‍රෑන්ඩ්පාස් මිනී මැරුමක්..

ග‍්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ග‍්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 17 ක් වූ වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය දෙපාර්‌ශවයක් අතර පැවති අමනාපයක් මත සිදුව ඇති අතර මරණකරු නිවසේ සිටියදී තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිසක් නිවසට ඇතුළු වී මරණකරු සමග සිටි පිරිස සමඟ ගැටුමක් හට ගෙන ඇති බවට සිදුකළ විර්මශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විර්මශනය සිදුකර මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අපරාධය සඳහා භාවිතා කළ කඩු 02 ක් සහ මන්නා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 36 වයස්වල ‌පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විර්මශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form