හිටපු ජනපති අල්ලස් කොමිසමට

අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඊයේ දිනයේ පැය දෙකකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ ඔහු එම කොමිසම හමුවේ පෙනී අවස්ථාවේදීය.

හිටපු ජනාධිපතිවරයා ධුරය දරණ කාලයේදී රෝයල් පාක් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

ස්වීඩන් ජාතික තරුණයක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ජූඩ් සමන්ත නමැති අදාළ පුද්ගලයාට 2019 වසරේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇත.

නමුත් එසේ සමාව ප්‍රධානය කිරීමට ගත් තීරණය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කරන ලද අතර ඒ අනුව එම පොදු සමාව දීමේ තීරණය ද අධිකරණය විසින් අවලංගු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form