ප්‍රභාකරන්ගේ යාපනයේ නිවසේදී සිවාජිලිංගම් කේක් කපයි…

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසෙන නිවසෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් හිටපු පලාත් සභ මන්ත්‍රී.ඒම්.කේ.සිවාජිලංගම් ඇතුලු පිරිසක් කේක් කපා සැමරීමක් ඊයේ (26) දින සිදුකොට ඇත.

කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය බව පවසමින් අදාල පිරිස වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ගොස් විශාල කෙක් ගෙඩියක් කපා සැමරීමක් සිදුකරනු ලැබීය.

කෙසේ අදාල සැමරුමේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඡායාරූපයක් හෝ ප්‍රභාකරන්ගේ රුව හෝ වෙනත් අකෙුගේ රුවක් ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මෙම සැමරුම සිදුකිරීමට අවස්ථාව ලැබී ඇති අතර යම් හෙයකින් තහනම් සංවිධානයක් හෝ ඒම සංවිධානයක සාමාජිකයෙකු ප්‍රදර්ශනය කොට සැමරීමක් සිදුකරන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

කොටි ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ ඥාතියෙකුද වන හිටපු පලාත්සභා මන්ත්‍රී සෑම වසරකම මෙලෙසින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සහ මහවිරුවන් සැමරීම සිදුකරන අතරම අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී සැමරීම් සිදුකොට පොලිස් භාරයට පත්වීම්ද වාර්ථා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form