ආපදාවෙන් දෙලක්‍ෂයක් විපතේ…

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 17 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127 පවුල් 59629ක අයත් පුද්ගලයන් 207582 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය.

යාපනය ,පුත්තලම ,කෑගල්ල ,මන්නාරම ,කිලිනොච්චිය, රත්නපුර, ගාල්ල,ත්‍රිකුණාමලය ,බදුල්ල, මුලතිව්, නුවරඑළිය ,අනුරාධපුරය , මඩකලපුව, මාතර ,මාතලේ, අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.

ඒ අනුව ජල ගැලීම්,තද සුළං, ගංවතුර, ගස් හා කණ්ඩි කඩා වැටීම හේතුවෙන් එම ආපදා සිදුව තිබේ.

ආරක්ෂිත ස්ථාන 104ක් තුළ පවුල් 3102 අයත් පුද්ගලයන් 10137 දෙනෙකු රඳවා සිටියී.

ආපදා හේතුවෙන් අද (27) පෙරවරු 06.00 වනවිට මරණ 01ක් සහ අතුරුදන් වූවන් 07 දෙනෙකු සිටියී.

අර්ධ නිවාස හානි 561ක් සහ පූර්ණ නිවාස හානි 06ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form