කතානායකගෙන් පණිවිඩයක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබේ.

කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන කමිටු පිහිටුවීම තේරීම කාරක සභාව මගින් සිදු කරනු ලබයි.

ඊට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පත් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්වන සාමාජික නාමලේඛනය, ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කතානායකවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form