උසස් පෙල විභාගය යලිත් කල් දමයි..

පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින 03ක් කල් දැමීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව පසුගිය 27 වැනිදා සිට ලබන අඟහරුවාදා (04) දක්වා උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව පැවසීය.

ලබන දෙසැම්බර් 04 වැනිදා උසස් පෙළ විභාගය නැවත ආරම්භ වෙයි.

එදිනට පැවැත්වීමට නියමිත විෂය පමණක් කාල සටහන අනුව පැවැත්වෙන බව පැවසීය.

විභාගය නොපැවැත්වු දිනවල විෂයන්ට අදාළ කාල සටහන පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form