සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු ආප‍්‍රිකානු කණ්ඩායම අතර එරට ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා ලකුණු 42කට දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ පන්දුවාර 13.5 කට පමණි.
මෙම ලකුණු ප‍්‍රමාණය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.
දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් ලකුණු 13 කට කඩුලු 07ක් දවා ගත්තේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 191ක් ලබා ගත්තේය.



