ලක්ෂ 57 ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් පමණ වන පුද්ගලයෙකු  සහ මංගලඑලිය  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ජයවර්ධනපුර පොලිස් විශේෂ බලකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව ත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

සිදුකළ වැටලීමකදී රුපියල් 5,700,000.00කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 16කට අසන්න කේරළ  ගංජා නීතිවිරෝධිව  සන්තකයේ තබාගෙන විකිණිමේ නිරතව සිටි   පුද්ගලයන් දෙදෙනෙකු සමග  ප්‍රවාහනය සදහා යෙදාගත් මෝටර් රථයක්ද අත්අඩංගුවට පත් විය.

ඉදිරි නීතිමය කටයුතු සිදුකිරිම සදහා අත්අඩංගුවට ගත්  පුද්ගලයන් දෙදෙනා සහ ලක්ෂ 57ක කේරල ගංජා තොගය මුන්දලම පොලිසිය වෙත බාර දි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form