ආනයනික ලොකු ලුනූ සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කෙරේ

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක බවත් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form