‘ආණ්ඩුව පරිණත නෑ.. කරන වැඩ නිසා අපටත් ඉන්න විදහක් නෑ..’ මාලිමාවේ නිර්මාල් දේවසිරි..

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී කිසිදු පරිණතභාවයක් පිළිබිඹු නොකරන බවත් මෙවැනි ක්‍රියාවල ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙනී සිටි අයට ද භුක්ති විඳීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටී.

කිසිවෙකු අත්අඩංගුවට ගෙන අසත්‍ය ප්‍රචාර පාලනය කිරීමට හැකි යැයි සිතීම මෙන් ම අසත්‍ය ප්‍රචාරය සඳහා ජනයා රැවටේ යැයි සිතීම ද වැරදි බව පවසන ඒ මහතා වර්තමාන ආණ්ඩුවට ජනතාව අතිවිශාල බලයක් ලබා දුන්නේ ද මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුවන කාලයක බවත් පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවට වඩා ස්ථාවර ජනප්‍රියත්වයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ විනාශයට ද මෙවැනි රාජ්‍ය මර්දන ක්‍රියා බලපෑ බව මහාචාර්ය දේවසිරි අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form