උඩරට දුම්රිය ධාවනය යථාතත්වය ට

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් 7 වැනි සැතපුම් කණුව ආසන්නයේ පසුගිය 26 වැනිදා සිට දින පහක් අවහිර වීමෙන් පසු අද (02) දින සිට සාමාන්‍ය පරිදි දුම්රිය ගමනාගමනය ආරම්භ වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පසුගියදා බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

මෙම නායයෑම හේතුවෙන් උඩුවර ප්‍රාදේශයේ නිවසක්ද විනාශයට පත්වූ අතර, දුම්රිය මාර්ගයට පස්කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා.

මේ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 04ක් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ අතර, සීමිත දුම්රිය ප්‍රමාණයක් කොළඹ කොටුවේ සිටි බණ්ඩාරවෙල දක්වා පමණයි ධාවනය වූයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form