මේ Call එකෙන් නම් පරිස්සම් වෙන්න…

පිට­ර­ටින් ලක්‍ෂ ගණන් වටිනා තෑගි පාර්ස­ල­යක් තමන්ගේ නමට ලැබී ඇති බවත් එය ගන්නා­තුරු රඳවා තබා­ගැ­නී­මට මුදල් ගෙවිය යුතු බවත්, ඒ සඳහා මුදල් තමන් ලබා­දෙන බැංකු ගිණු­මට දමන ලෙස පව­ස­මින් වැන්දඹු කාන්තා­වන් රවටා කාල­යක් තිස්සේ කර­ගෙන ගිය මුදල් වංචා­වක් රත්න­පුර පොලී­සියේ විශේෂ අප­රාධ අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් හෙළි­කර ගෙන තිබේ.

පොලී­සිය මෙම සොර­කම හෙළි­ක­ර­ගන්නා අව­ස්ථාව වන­විට කලක් තිස්සේ සිදු කළ වැන්දඹු කාන්තා­වන් ඉලක්ක කර සිදු­කර ඇති මෙම මුදල් වංචාව මඟින් සැක­ක­රු­වන් විසින් මුදල් ලක්‍ෂ 12 1/2 (දොළ­හ­මා­රක මුද­ලක්) උප­යා­ගෙන ඇති බව පොලී­සිය පව­සයි.

සැක­ක­රු­වන් උපයා ගත් මුද­ලින් රුපි­යල් 165,000ක් සොයා­ගෙන තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැක­කරු රත්න­පුර කල­වාන ප්‍රදේ­ශයේ පදිංචි පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­මක සේවය කළ හිටපු ඔප­රේ­ට­ර්ව­ර­යකු බවත්, අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අනෙක් තිදෙනා කොළඹ අවට පදිං­චි­ක­රු­වන් බව පව­සන පොලී­සිය, සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට තිබෙන බවත් එම සැක­ක­රු­වන් සොයා පොලිස් පරී­ක්‍ෂණ ආරම්භ කර ඇති බව පව­සයි.

පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­මක හිටපු ඔප­රේ­ට­ර්ව­ර­යකු මාර්ග­යෙන් ලබා­ගත් තොර­තුරු ඔස්සේ වැන්දඹු කාන්තා­වන්ගේ ජංගම දුර­ක­ත­න­ව­ලට කතා­කර ඔවුන්ට විදේශ රට­කින් ලක්‍ෂ ගණන් වටිනා ත්‍යාග පාර්ස­ල­යක් ලැබී ඇති බවත් එය ආපසු නොයවා රඳවා තබා ගැනී­මට නම් මුදල් ගෙවිය යුතු බවත් වහාම තමන් ලබා දෙන ගිණුම් අංක­යට මුදල් බැර කරන ලෙස (දමන ලෙස) මිය­ගිය අයගේ හැඳු­නු­ම්පත් අංක­ව­ලින් ලබා­ගත් සිම්පත් මඟින් කතා­කර තම ගිණු­මට මුදල් ගෙන්වා­ගෙන මෙම වංචාව සිදු­කර ඇතැයි පොලිස් පරී­ක්‍ෂ­ණ­ව­ලින් හෙළි­ක­ර­ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form