ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම්වලට වසර අවසන් වීමට පෙර වන්දි

ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා මේ වසර අවසන් වීමට පෙර වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ගොවිබිම්වලට වූ හානි පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවය.

ඒ සඳහා කණ්ඩායම් 15ක් අනියුක්ත කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

වී, බඩ ඉරිගු, සොයා, අර්තාපල්, මිරිස් හා ලොකු ලූණු යන භෝග වගාවන්ට ගංවතුරෙන් වූ හානිය සලකා බලා අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන සේ වන්දි ප්‍රදානය කරන බව ද සභාපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form