සිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශය

ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට තීරණය කර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතයි.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙ.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදු කෙරේ.

ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බව එම අමාත්‍යාංශය පවසයි.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී එය සිදුකෙරේ.

සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර ඇතිබව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form