හාල් පහයි… පොල් තුනයි…

සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව එම ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි.

නාඩු සහල් රුපියල් 220ක පාලන මිලට එසේ ලබාදෙන බවත් සීමා නොකළහොත් තොග වෙළඳුන් පැමිණ එම මිලට ලබාගෙන නැවත රුපියල් 235-240 වැනි වැඩි මිලකට විකුණනු ඇති බවද හෙතෙම කියා සිටී.

‘ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා. ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා. ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යම අයට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මත’

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form