රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ…

රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 01.38 ක බදු ආදායමක් වාර්තා කර ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මේ වසරේ ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 01.53කි.

මේ වසර අවසන් වනවිට බදු ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතිබව එහිදී පැවසීය.

රේගු ඉතිහාසයේ වසරක් තුළ රැස් කරගත් වැඩිම ආදායම ලෙස හැඳින්විය හැකි බව පැවසීය.

ශ්‍රී ලංකා රේගුව මහජනතාවගේ පහසුව වෙනුවෙන් නව යෙදවුම් 02ක් හඳුන්වා දී තිබේ.

ආනයන අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථ වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form