රාජ්‍ය පරිපාලන ඇමති හා ජනාධිපති මත ගැටුමක්?

රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

රජයේ ආදායම් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහු පැවසුවේ රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමක් වනු ඇති බවයි.

එබැවින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවත් ඉදිරියේදී බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳව සොයා බලන බවත් ඔහු පැවසීය.

මීට පෙර විවිධ රජයන් යටතේ ඵලදායිතා අංශය කෙරෙහි අවධානයක් යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් නුදුරේදීම ශ්‍රී ලංකාවට  විශාල රාජ්‍ය අංශයක් දැරීමට නොහැකි වනු ඇති අතර රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පෙර සදහන් කර තිබින.

රටේ දැනට සිටින මිලියන 1.3 සේවකයන් 750,000 දක්වා රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසුවේ කොළඹ පැවති උත්සවයක් අමතමිනි.

“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් ඇතිකර ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සංඛ්‍යා කපා ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form