ඉන්දියාවෙන් සහල් නැවු එයි..

ඉන්දියාවෙන් ඇණැවුම් කරන ලද සහල් පළමු තොගය එළැඹෙන සතියේ කොළඹ වරායට ලැබෙනු ඇති බව පිටකොටුව සහල් ආනයනකරුවන් පවසති.

පෞද්ගලික අංශයට බලපත්‍රවලින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ආනයනකරුවන් පනස් දෙනෙකු පමණ ඉන්දියාවෙන් සහල් ඇනවුම්කර තිබේ.

කිලෝවක් රුපියල් 65ක ආනයන බද්දට යටත්ව ආනයනය කරන මෙම සහල් කොළඹ වරායේ ළඟාවීමෙන් පසු කිලෝවක් සඳහා රුපියල් 225-230ක් අතර මිලක් වැය වනු ඇතැයි ආනයනකරුවන් ගණන් හදා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ ආනයනික සහල් වරායට ළඟාවූ පසු පැය හතරක කාලයක් ඇතුළත මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form