ලුණුත් නෑ.. ආනයනයට අනුමැතිය ඉල්ලයි..

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.

මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වයයි.

salt

වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව සමාගම්වලින් කළ විමසුමකදී හෙළිවිය.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form