සිරියාවේ පාලනය කැරළිකරුවන් අතේ… සිරියා ජනපති ඩැමස්කස් අගනුවරින් පලායයි..

සිරියා ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළා.

ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමටයි පියවර ගත්තේ.

ඊයේ දිනයේදී හොම්ස් නගරය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිවූ අතර ඩැමැස්කස් අගනුවර ද බලය තහවුරු කර ගෙන ඇති බවට වාර්තා පළවනවා.

නගරය තුළ කැරළිකරුවන් සැරිසරණ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම නගරයේ පිහිටා ඇති බන්ධනාගාරයකින් එහි රඳවාසිටි සියලු රැදවූවන් නිදහස් කර ඇති බවද සඳහන්.

2011 වසරේ එරට සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු ජනාධිපති බසාර් අල් අසාද්ට එල්ලවූ දැවැන්තම අභියෝගය මෙය ලෙසයි සැලකෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form