අයවැයෙන් VAT අඩු කරයි.. අහිමි වන ආදායම උපයන්න අලුත් ක‍්‍රමයක්..

2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් භාණ්ඩ හා සේවා බද්ධ අඩු කිරීමට රජය සැලසුම් කර ඇත.

එම බදු අඩුකිරීමෙන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා විකල්ප ආදායම් යෝජනා ගණනාවක්ද අයවැයෙන් ඉදිරිපත් කිරීමට නියමිතය.

එ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවය ලැබී ඇති බවද සඳහන් වෙයි.

තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වැඩි ප්‍රතිශතයකින් හා සෙසු භාණ්ඩ හා සේවා සඳහා අඩු ප්‍රතිශතයකින්ද එම බද්ද අඩු කිරීමට නියමිතව තිබේ.

අනතුරුව භාණ්ඩ හා සේවා බද්ද අනුපාත තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම අයවැය යෝජනාවලිය පෙබරවාරි 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form