පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ඉල්ලයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව සියලුම මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිඛිතව දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව ය. එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතු වෙයි.

ඒ අනුව ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනය ලබන පෙබරවාරි මස 21 වැනිදා ය. ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රිවරුන්ට විරුද්ධව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ලැබේ.

පසුගිය නව වැනි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කර ඇත.

කිහිප දෙනකුගේ එම ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයක දී කළ දැනුම් දීම්වලින් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form