කැස්බෑ මරණ ගැන නියෝජ්‍ය ඇමති වාර්තාවක් කැදවයි..

ගාල්ල වෙරළ තිරයට ගොඩගසා තිබූ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව හික්කඩුව වනජීවි කාර්යාලය පවසයි.

ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසල වෙරළ තීරයට සහ උණවටුන වෙරළ තීරයට මෙලෙස මියගිය කැස්බෑවුන්ගේ සිරුරු කිහිපයක් (07) රාත්‍රියෙ ගොඩගසා තිබිණි.

මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර මේ පිළිබඳව වාර්තාවක් කැදවූ බව ධීවර නියෝජ්ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව එම වාර්තාව ලබාදීමට කටයුතු කරන බව වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසූ බව නියෝජ්ය අමාත්‍යවරයා පැවසීය.

මෙවැනි සිදුවීම් මීට පෙරද වාර්තා වී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර අවස්ථාවේ සහ වාරකන් කාලසීමාව තුළ පසුගිය සමයේ මෙවැනි සිදුවීම් වාර්තා වූ බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form