ඔයාගේ බැංකු ගිණුමත් ආරක්ෂිත ද?.

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළුව එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.

එලෙස ගත් බව කියන සැකකාර පුද්ගලයා මෙම 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළේ ය.

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය.

නුගේගොඩ තිලකරත්න මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා

සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඉහත සඳහන් පැමිණිලිකාර පුද්ගලයා ඉඩමක් විකිණීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබූ බවත් සැකකාර පුද්ගලයා එය ලබාගන්නා මුවාවෙන් පැමිණිලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවත් ය.

පැමිණිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගත් සැකකරු පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ පැමිණිලිකරුගේ බැංකු ගිණුමට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

සැකකාර පුද්ගලයා ඔහුට හිතවත් තවත් පිරිසක් සමග එක්ව මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවත් වංචා සහගතව ලබාගත් මුදල් සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් පහකට බැරකර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔහුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form