වායු ගුණාත්මක දර්ශකය පහතට…

ඊයේ (09) රාත්‍රියේ සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල වායු ගුණාත්මක මට්ටම පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර ඒකකයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

එම මට්ටම සංවේදී පුද්ගලයන් පුද්ගලයන්ට අහිතකර මට්ටමක පැවතිය හැකි බව පැවසීය.

ස්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස දැනුම් දෙයි.

යාපනය ,වව්නියාව ,කොළඹ ,මහනුවර සහ දඹුල්ල වැනි ප්‍රදේශ වල වැඩි වශයෙන් මෙම තත්ත්වය පැවතිය හැකි බව පැවසීය.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ පවතින අඩු පීඩන කලාපය ඊට හේතුවී තිබේ.

ඒ සමඟ ඇතිවන සුළං ප්‍රවාහය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form