ඉන්දියාව පාවිච්චි කල දුම්රිය එන්ජින් 20ක් ලංකාවට..

 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02 ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත.

එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05 ක කාලයකට ලබා දීම සඳහා වන නොකැඳ වූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, එකී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මඟින් එම කාර්ය ඉටු කරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව, ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22 ක ප්‍රදානය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form