‘අශෝක රන්වල’ අපේ සරසවියේ ඉගෙනගෙන නැහැ… ජපානයේ වසේදා සරසවිය කියයි…

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති බවට පවසන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලය විසින්, අශෝක රන්වල මහතා එම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නොමැති බව සහ එම ප්‍රකාශය අසත්‍ය බවත් එතුමිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මාලිමාවේ මහාචාර්යවරු, ආචාර්යවරු ඇත්තම උදවියද? කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද ඇය පෙන්වා දෙන ලදී.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳ කථානායක අශෝක රන්වල මහතාගෙන් ප්‍රශ්නයක් කළ විට, ඔහු සඳහන් කළේ තමන් නිසි අවස්ථාවක මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන බවයි.

කැබිනට් මාධ්‍ය හමුවකදී කැබිනට් අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මාධ්‍යවේදීන් කල විමසීමකදී කථානායකවරයා නිසි අවස්ථාවේ මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form