පාරිභෝගික අධිකාරිය තිතට වැඩ… සහල් මිල සගවන වෙලදුන් වටලයි..

හැටන් නගරයේ සහල් තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් (10) දින හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.

හැටන් නගරයේ සහල් වෙලෙදුන් විසින් රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන බවට ලද පැමිණිලි කිහිපයක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් මෙම හදිසි පරික්ෂාව සිදු කෙරිණ.

මෙම හදිසි පරික්ෂාවේදි මිල ප්‍රදර්ශනය නොකරමින් සහල් අලෙවි කල වෙලෙදුන් රැසකට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල අතර, නගරයේ අනෙකුත් වෙලෙදුන් නාඩු සහල් කිලෝවක් රු 230, සම්බා සහල් රු 240, කීරි සම්බා රු 260, රතු සහ සුදු කැකුළු සහල් රු 220 ක් වු රජයේ පාලන මිලට අලෙවි කරනු ලබයි.

පාලන මිලට සහල් අලෙවි කරන වෙලෙදුන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් හමුවේ කියා සිටියේ තමන් වැඩි මිලට සහල් මිල දි ගත් බවත්, එම සහල් තොග (10) දින සිට රජයේ පාලන මිලට ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form