වැඩි මිලට සහල් වික්ක 50කට ලක්‍ෂය බැගින් දඩ ගහයි..

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (11) සිට තවත් පුළුල් කරන බව පැවසීය.

කිසිසේත් වැඩි මිලට සහල් අලවි කිරීමෙන් වළකින ලෙස සියලු වෙළදුන්ට දැනුම් දෙන බව පැවසීය.

එසේ වුවහොත් සාමාන්‍ය වියාපාරයකදි රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට හැකිය.

පාලන මිළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පැවසීය.

සිදුකරන වැටලීම් අඛණ්ඩව ශක්තිමත් ලෙස සිදුකරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form