ලංවිම සේවකයන්ට නත්තල් බෝනස් දුන්නොත් විදුලි කප්පාදුවක්…

ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය නොහැකි වනු ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

ඔහු පැවසුවේ, ලංවිම පාලනාධිකාරිය ප්‍රකාශ කළ පරිදි මණ්ඩලයට ලාභ ලැබී ඇත්තේ, රුපියල් බිලියන 162ක් වන අතර ඉන් බිලියන 112ක් තෙල් සංස්ථාවේ ණය ගෙවා ඇති සේ ම ඉතිරිව ඇත්තේ, රුපියල් බිලියන 42ක් බව ය.

ඒ අනුව, පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කිරීමට සහ ප්‍රසාද දීමනා ලබා දීමට නම් මුදල් වෙන් කළ යුත්තේ එම රුපියල් බිලියන 42න් පමණක් බව ත් එය සිදු කළහොත් ලබන ජනවාරි සිට ජූලි මස දක්වා මාස හය තුළ රට මුහුණ දෙන දැවැන්ත නියඟයට මුහුණපාන්නට නොහැකිවනු ඇති බ ත් ය.

විශේෂයෙන් ම රටේ ජලාශ හිඳීම ආරම්භ වන අතර එහිදී සමස්ත ජනතාව ම විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවැසූ රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ රටේ පොදු ජනතාව ගැන සලකා ඒ වෙනුවෙන් දැනටමත් අදාළ මුදල ඉතිරි කර ගැනීමට තීන්දු කර ඇති බව ය.

එම නියඟය පැමිණියහොත් රටේ දැඩි ලෙස විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවනවා සේ ම විදේශ රටවලින් පාවෙන බලාගාර ගෙන්වීමට ද සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා මේ ඉතිරි වී ඇති රුපියල් බිලියන 42 ලාභය දැනට හිඳගත්තොත් ලංවිම විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණක් නොව සමස්ත රට වැසියාට ම එම නියඟයට මුහුණ දීමට සිදුවනු ඇති බව ජයලාල් මහතා තවදුරට ත් පැවසීය.

එමෙන් ම, ලංවිම විසින් යම් මුදලක් ඉතිරි කර නොගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නැවත ණයක් ලබාගෙන විදුලි කප්පාදුව නවත්වා ගැනීමට රජයට සිදුවන අතර එම හේතුව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තීන්දු කරන්නේ ඊට අදාළ ණය පහසුකම් ලබා දීමට ඔවුන් එකඟවනු ඇති නමුත් ඔවුන් ඊට පලිහක් ලෙස නැවත ලංවිම කෑලි දොළහකට කඩා ඉන්දියාවට සහ චීනයට පැවරීමට ලංකා රජය කටයුතු කරන ලෙස ඔවුන් විසින් ම රටට බලපෑම් කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා රටේ සම්පත් විකිණීම වෙනුවට මේ මොහොතේ යම් යම් කැපකිරීමක් සිදු කිරීමට සේවකයා මැදිහත් වුවහොත් එළැඹෙන සිංහල-හින්දු අලුත් අවුරුද්දට හෝ ප්‍රසාද දීමනාවක් ලබා දීමට රජයට හැකිවනු ඇති අතර විශේෂයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද මේ මොහොතේ උපරිම කැපකිරීම් සිදු කරමින් සිටින බැවින් ජනතාවද ඉදිරිය ගැන සිතා කුඩා කැපකිරීමක් කරන ලෙස තමා ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරට ත් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form