දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබඳ වංචා පිලිබඳ CIDට පැමිණිලි

දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ නැවත අළෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කිසියම් කණ්ඩායමක් මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ දුම්රිය ආසනවල් වැඩි ප්‍රමාණයක් වෙන්කරගෙන, පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇත.

අදාළ වංචා කුමන්තරණය සම්බන්ධයෙන් සෙවීමට සහ වංචාකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා අදාළ පුද්ගලයන්ගේ දුරකථන අංක CIDට බාර දී ඇත.

මෙම වංචා වැළැක්වීම සඳහා වෙන්කල ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමට අදාළ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form