තෙල් නැවක් ආපසු හැරී යයි..

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.

එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළගාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.

එම සමාගමට  ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.

එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 15,000 කින් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් තොගවල හිඟයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.

එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

– Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form