තෙල් මිල අඩුකලොත් අනෙක් සමාගම්වලට අලාබ ගෙවන්න ගිවිසුමක් ගහලා..- සිපෙට්කෝ සභාපති

මෙරටට මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

පසුගිය රජය එළැඹි ගිවිසුම අනුව රජය විසින් ඉන්ධන මිල සූත‍්‍රයට පිටින් තෙල් මිල තීරණය කර එම සමාගම්වලට අලාභයක් සිදුවන්නේ නම් එම අලාභය රජය විසින් ගෙවීමට බැඳී සිටින බව බව සඳහන් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව තීරණය වන මිලට වඩා රජය වෙනස් මිලක් නියම කර එමඟින් එම සමාගම් වලට පාඩුවහොත් මෙම අලාභය ගෙවීමට එකඟ වී ඇති බවත් පැවසුව ඔහු එක් සමාගමක් මේ වන විටත් සිදුවූ අලාභයක් සම්බන්ධයෙන් අලාභ ඉල්ලා අමාත්‍යාංශයට ලිපියක් එවා ඇති බවද කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form