රියදුරුට හා සහයකට පහරදුන් පිරිස වහා අත්අඩංගුවට නොගන්නේ නම් හැටන් ඩිපෝව වෘත්තීය ක්‍රියාමාර්ගයකට

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගයේදි පිරිසක් අමානුෂික ලෙස පහර දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කර පහරදිම සිදු කල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය වැල්ලම්පිටිය පොලිසියෙන් ඉල්ලා සිටියි.

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථය වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබියදි බස් රථය ඉස්සර කර ධාවනය වු යතුරුපැදියක් ප්‍රධාන මාර්ගය හරහා ලිස්සාගොස් පෙරලි යාමෙන් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවක් ප්‍රධාන මාර්ගය හරහා වැටිමෙන් ඊට පසුපසින් ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථයට යට වි කාන්තාව එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් විමෙන් පසු එයට කෝප වු මාර්ගය අසල සිටි පිරිසක් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට අමනුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇත.

බස් රථයේ රියදුරා තමන්ට පහර නොදෙන ලෙසට වැද ඉල්ලා සිටි නමුත්, එම පිරිස දිගින් දිගටම පහර දිම නිසා රියදුරාට තුවාල සිදු වි ඇත.

අනතුර සිදු කිරිම හේතුවෙන් බස් රථයේ රියදුරාව වැල්ලම්පිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට පහර දිම නිසා සිදු වු තුවාල හේතුවෙන් ඔහු රෝහල් ගත කිරිමට අවශ්‍ය බව පවසා සිටි නමුත් වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරින් රියදුරු රෝහල් ගත කර නොමැති බවයි හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය කියා සිටියේ.

අනතුර සිදු කිරිම සම්බන්ධයෙන් නිතිය නිසි ලෙස ඉටු කිරිම පොලිසියේ වගකිම බවත්, එම වගකිම ඔවුන් විසින් නිසි ලෙස ඉටු කර ඇතත්, නිතිය පසෙකලා අනතුර සිදු වු ස්ථානයේ සිටි පිරිසක් රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දිම තරයේ හෙලා දකින බවයි ඩිපෝවේ පාලන අධිකාරිය කියා සිටියේ.

රියදුරුට සහ කොන්දොස්තරට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරින් ක්‍රියා නොකලහොත් හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලිමට සැලසුම් කර ඇති බවයි පාලන අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

එම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් රියදුරාට පහරදෙන අයුරු ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form