බදු නිදහස් සීමාව ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා ඉහළට

වර්තමානය වන විට වසරකට රුපියල් මිලියන 1.2ට වඩා වැඩියෙන් උපයන අයට පනවා ඇති උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

උපයන විට ගෙවීම් බද්ද සම්බන්ධයෙන් වෘත්තියවේදීන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ඇගයීමේ දී සිදු වූ සාකච්ඡාවලදී එම බදු පැනවීමේ සිමාව ඉහළ දැමීමට සමත් වූ බවයි.

“අපි බද්ද පනවන සීමාව ලක්ෂයට උඩ, අපි එය ලක්ෂ එකහමාර දක්වා වැඩි කරගැනීමට සමත් වෙලා තිබෙනවා,” ඔහු පැවසුවේ ය.

ඒ වගේ ම 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික අදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට සංශෝධන ලබා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා.”

එහි දී ජනාධිපතිවරයා එක එක පුද්ගලයන් ලබා ගන්නා මාසික වැටුපෙන් බදු අඩුවන ප්‍රතිශතය පැහැදිලි කළේ ය.

“මාසික වැටුප ලක්ෂ එකහමාරක් ගන්න කෙනෙක්ට බදු 100%ක් නිදහස්. ලක්ෂ 2ක් වැටුප ගන්න කෙනෙක්ගේ වැටුපෙන් 71%ක් බදුවලින් නිදහස්. ලක්ෂ දෙකහමාරක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් බද්ද 61%ක් නිදහස්. ලක්ෂ 3ක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් 47%ක් බද්ද නිදහස් වෙනවා. ලක්ෂ තුනාහමාරක් ගන්න කෙනෙක්ගෙන් බද්ද 25.5%කින් නිදහස්,” ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම සහනය අඩු වැටුප් ලැබෙන අයට වැඩි සහනයක් ලැබෙන ආකාරයෙන් ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form