පේජර් ප්‍රහාරය එල්ල කළ ආකාරය ගැන ඊශ්‍රායල් හිටපු බුද්ධි නියෝජිතයින්ගෙන් අනාවරණයක්

ලෙබනනයේ ෂියා සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් වසර 10 ක් පුරා පුපුරණ ද්‍රව්‍ය සහිත ඊශ්‍රායලයේ නිෂ්පාදිත වෝකි ටෝකි භාවිතා කළ ආකාරය හිටපු ඊශ්‍රායල බුද්ධි අංශ නියෝජිතයින් දෙදෙනෙකු හෙළි කර තිබේ.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී හදිසි ප්‍රහාරයකින් එම වොකි ටෝකි පුපුරුවා හැරුණි.

හිටපු මොසාඩ් නියෝජිතයන් දෙදෙනා සීබීඑස් නිව්ස් වෙත පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත බව නොදැන හිස්බුල්ලා සාමාජිකයන් විසින් ‘පුපුරණ ද්‍රව්‍ය සහිත” වෝකි ටෝකි සහ පේජර් දහස් ගණනක් මිලදීගෙන ඇති බව ය.

මෙම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මිය ගිය අතර, දහස් ගණනක් තුවාල ලැබූහ. හිස්බුල්ලා සාමාජිකයින් පමණක් ඉලක්ක කර ගනිමින් මෙය සකස් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද ලෙබනන් බලධාරීන් පවසන්නේ මියගිය පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form