ඇමති හදුන්නෙත්ති මුදල් අමාත්‍යංශය සමග රණ්ඩු කරයි…

අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධ කරන කමිටු රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට එම කමිටු සභාපති ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබේ.

ඔහුගෙන් ඒ පිළිබඳව කල විමසීමේදී සදහන් කර ඇත්තේ තම අදහස් පල කිරීමට කැමරාව බාධාවක් බවයි.

මෙම තත්වය හේතුවෙන් එම රැස්වීම ආවරණයට ගොස් සිටි මාධ්‍යවේදීන් බලවත් අපහසුතාවයට පත්ව තිබේ.

මේ අතර කොළඹ පැවති වැඩසටහනට එක්වෙමින් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමයවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට ද ආණ්ඩුවට සිදුව ඇති බවය.

ආණ්ඩුවට පැමිණීමට පෙර තමන්ට තිබුණේ පාරේ සටනක් වුවද දැන් පවතින්නේ රාජ්‍ය නිලධාරීන් සමග සටනක් බවත් පැවසූ ඔහු රාජ්‍ය සේවය ඇතැම් පිරිස් පරණ දූෂිත ක්‍රමයටම වැඩ කරමින් සිටින බවද කියා සිටියේය.

ඒ හේතුවෙන් ජනතාවට සහනදීම, ජනතාවගේ අයිතිවාසිකම් රැකීම ආදියට බාධා වෙමින් ඇති බවද ඔහු කියා සිටියේය.

පරණ පුරුදු විදිහට වැඩ කිරීම අතහරින්න බැරි එම නිලධාරින් නව ආණ්ඩුවේ ජනවරම තේරුම් ගෙන නැති බවද ඔහු පැවසුවේය.

‘දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අපට අද අපිට මුදල් අමාත්‍යාංශය එක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. බදු ප්‍රතිපත්ති ගැන රණ්ඩු කරන්න වෙලා තියෙනවා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form