පොහොර සහනාධාරය 15,000 සිට 25,000 කලත් එක්වර දෙන්න භාණ්ඩාගාරයේ මුදල් නෑ… නියෝජ්‍ය ඇමති

රාජ්‍ය යාන්ත්‍රණය ඇති යම් යම් ප්‍රමාදයන් මත ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමට යම් ප්‍රමාදයක් ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ රජාංගනවය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

රජයක් ලෙස පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩිකර ඇතත් මෙම තීරණ ගත් පමණින් එය ක්‍රියාවට නැගෙනවිට රාජ්‍ය යාන්ත්‍රණය සහා රටේ ආර්ථික තත්ත්වය බලපාන බවත් හෙතෙම කියා සිටියේය.

මේ සඳහා අවශ්‍ය වන මුදල් එක්වරම දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බවද ඔහු සඳහන් කළේය.

මුදල් ලබා දීමේදී යම් යම් අඩුපාඩු ප්‍රමාදයන් ඇත්තේ නම් රාජ්‍යා යාන්ත‍්‍රනය තුළ කල්ගත වීම් අතපසුවීම් ඇති බවද ඔහු කියා සිටියේය.

පොහොර සහනාධාරය ලැබීමේ යම් අඩුවක් ඇත්තේ ඒ නිසා වන නමුත් සියළු ගොවීන්ට පොහොර සනාධාරය ලබා දෙන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form