ගෝටා පසුකර අනුර ඉදිරියට…

ගෝටාගේ පාර්ලිමේන්තු තේ පැන් සංග‍්‍රහයට 287,340යි.. අනුරගේ සංග‍්‍රහයට 339,628යි..

වර්තමාන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන් මංගල පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 339,628.55 දැන ගැනීමේ බව තොරතුරු අයිතිවාසිකම යටතේ පාර්ලිමේන්තු මහලේකම කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

එමෙන්ම 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ උත්සව කටයුතු වෙනුවෙන් තවත් රුපියල් 72,350,00 මුදලක් ද වැය කර තිබෙන බව එහිදී අනාවරණය විය.

පාර්ලිමේන්තු මහ ලේකම කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව, පාර්ලිමේන්තු වැය ශීර්ෂය යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340.00 ක මුදලක් වැය කර ඇති අතර උත්සව කටයුතු සඳහා සිදු කළ වියදම් ගණනය කිරීමක් සිදුකර නොමැත.

එමෙන්ම වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායකගේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55 ක මුදලක් වැය කර තිබෙන බව ඒ අනුව අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form