චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය ‍ඊයේ (29) උදෑසන බෙයිජිංහි දී එළි දක්වනු ලැබුවා.

CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක, ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවතින බවයි වාර්තා වන්නේ.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400ක්.

මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, ගමනාන්ත සඳහා ගත වන කාලය වෙනස් කිරීමේ යැකියාවද පවතින අතර, එමඟින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form