නව වසර උදාව වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක්

2025 නව වසර උදාව වෙනුවෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද(31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, නව වසර උදාව වෙනුවෙන් විශාල පිරිසක් අද (31) රාත්‍රී කාලයේ ගාලු මුවදොරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව පිටකොටුව, කොම්පඤ්ඤවිදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශවල එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form