මෙවර අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 07 ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 25 වනදා පස්වරු 06 ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
එමෙන්ම, අයවැය තෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව පැවැත්වෙනවා.
මාර්තු 21 වැනිදා පස්වරුවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.