ශිෂ්‍යත්වයේ පිටවූ ප‍්‍රශ්ණවලට නිදහස් ලකුණු දෙන්න යලිත් තීන්දු කරයි..

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවෙන් පසු 5 වසර ශිෂ්‍යත්ව වභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024

2024 සැප්තැම්බර් මස 15 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2024 හි I ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇතැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු අංක SC/FR 286/2024, SC/FR 287/2024, SC/FR 291/2024 හා SC/FR 294/2024 යන නඩුවලදී කරුණු ඉදිරිපත් වූ අතර ඊට අදාළව 2024.12.31 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ථම නඩු තීන්දුවේ 156 1 වගන්තිය ප්‍රකාරව හා 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත මගින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව දෙපාර්තමේන්තු විද්වත් කමිටුව විසින් ලබා දී ඇති පහත සඳහන් නිර්දේශ සළකා බලන ලදී.

1. පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මත භේදාත්මක ප්‍රශ්න තන ඉවත් කර ඇගයීම් සිදු කිරීම
2. අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම
3. 1 ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම

ඒ අනුව ඉහත නිර්දේශ අතරින් සුදුසු විසඳුම් ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form