ගසක අත්තක් කඩා වැටීමෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට.. තවත් රැඳවියන් 11 දෙනෙකුට තුවාල

ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තිබේ.

මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

ඊයේ රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form